නිල නොවන තරඟය ජය පරාජයෙන් තොරයි

නිල නොවන තරඟය ජය පරාජයෙන් තොරයි

October 29, 2014   09:37 am

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බටහිර ඉන්දීය ඒ කණ්ඩායම අතර පැවති නිල නොවන ටෙස් ක‍්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය ඒ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් පළමු ඉනිම සඳහා ලකුණු 282 ක් ලබා ගන්නා ලදී.

පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 299 ලබා ගත්තේය.

බටහිර ඉන්දීය ඒ කණ්ඩායම දෙවන ඉනිමට ලකුණු 234යි.

218ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඊයේ අවසන් දිනය නිමා වනවිට කඩුළු 05ක් දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 166ක් පමණය.