‍හොරාට කළ මත්පැන් ජාවාරමක් හෙළිවෙයි

‍හොරාට කළ මත්පැන් ජාවාරමක් හෙළිවෙයි

October 28, 2014   04:17 pm

නීති විරෝධි අයුරින් මත්පැන් ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු කොස්ගම, සිරිනිවාස වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පූගොඩ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

සැකකරු සතුව තිබි ගෝඩා ලීටර් 33 කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොස්ගම පොලිසියට බාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.