දැල් රකින්නා වෙඩි තබා ඝාතනය කරයි

දැල් රකින්නා වෙඩි තබා ඝාතනය කරයි

October 27, 2014   01:28 pm

දකුණු අප්‍රිකානු පාපන්දු කණ්ඩායමේ නායක සහ දැල් රකින ක්‍රීඩක සෙන්සෝ මෙයිවා වෙඩි තබා ඝාතනය කර තිබේ.

ජොහැන්නස්බර්ග් වොස්ලූරස් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටිය දී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව එරට පොලිසිය කියයි.

27 හැවිරිදි සෙන්සෝ මෙයිවා මේ දිනවල ක්‍රියාත්මක තරගාවලි කිහිපයකම ක්‍රීඩා කරමින් සිටි අයෙකු වේ.

පොලිසිය පවසන්නේ ඝාතනය පිළිබඳ නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට අමෙරිකන් ඩොලර් 14, 000ක ත්‍යාගයක් ලබාදෙන බවයි.