1000 හොර නෝට්ටු ජාවාරමක්?

1000 හොර නෝට්ටු ජාවාරමක්?

October 27, 2014   12:15 pm

ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග තරුණයෙකු කිතුල්ගල, බිබිලිඔය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත කිතුල්ගල පොලිසිය සිදුකළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටුවක් පොලිසිය භාරයට තිබේ.

සැකකරු 24 හැවිරිදි තැල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.