රියදුරුට නින්දයයි - කාන්තාවක් මරුට

රියදුරුට නින්දයයි - කාන්තාවක් මරුට

October 25, 2014   11:10 am

වැලිවේරිය - කිරිදිවැල මාර්ගයේ සිදුවු ත්‍රීරෝද රථ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

අනතුරෙන් 12 හැවිරිදි දරුවෙකු සහ පිරිමි පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්ය.

ඊයේ පස්වරුවේ ගම්පහ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථය රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරෙන් තුවාල ලැබුවන් ගම්පහ රෝහලට ඇතුළත් කිරිමේ දි කාන්තාව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි දොම්පේ පැලහැල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

වැලිවේරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.