නගර සභා සේවකයෙකුට ප්‍රහාරයක් - ඇඹිලිපිටියේ කුණු ඉවත්කිරීම නවතී!

නගර සභා සේවකයෙකුට ප්‍රහාරයක් - ඇඹිලිපිටියේ කුණු ඉවත්කිරීම නවතී!

October 25, 2014   10:55 am

ඇඹිලිපිටිය නගර සභා කම්කරුවන් පිරිසක් නගරයේ කසළ ඉවත් කිරීමේ කටයුතු වලින් ඉවත්ව තිබේ.

නගර සභා සේවකයෙකුට වෙළඳසැල් හිමියෙකු විසින් පහරදීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

අද උදෑසන ඇඹිලිපිටිය නගරයේ සිදුවු බහින්බස්වීමකින් අනතුරුව පහරදීම සිදුවූ බව විරෝධතාවයේ නියැළී සිටින නගර සභා සේවකයින් පවසයි.

පහරකෑමට ලක්වු නගර සභා සේවකයා මේ වන විට ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.