දකුණු අප්‍රිකාව එක්දින තරඟාවලිය දිනයි

දකුණු අප්‍රිකාව එක්දින තරඟාවලිය දිනයි

October 25, 2014   09:58 am

නවසීලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරඟයෙන් ලකුණු 72ක ජය හිමිකරගැනිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ.

තරඟයේ කාසිය වාසිය දිනු නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ දි කඩුලු 09ක් දැවි ලකුණු 282ක් රැස් කරන ලදී.

හෂීම් අම්ලා ලකුණු 119යි.

පිළිතුරු ඉනිම සඳහා නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 03කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 210ක් පමණි.

ඒ අනූව තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය දෙකට එකක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටියි.

මෙම තරඟාවලි‍ය නවසීලන්තයේ පැවැත්වෙයි.