කල්පිටියේ වෙළඳසැලක් අළු!

කල්පිටියේ වෙළඳසැලක් අළු!

October 25, 2014   09:49 am

කල්පිටිය නගරයේ වෙළඳසැලක් තුළ ගින්නක් හටගෙන තිබේ.

අද අළුයම හටගත් ගින්න මේ වන විට පොලිසිය සහ නාවික හමුදාව එක්ව මැඩපවත්වා ඇති බව සඳහන්ය.

කල්පිටිය නගරයේ ඉන්ධන පිරවුම්හල ආසන්නයේ පිහිටි වෙළඳසැලක් මෙලෙස ගිනිගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.