ශර්මා ඇවිත් යන්න එයි

ශර්මා ඇවිත් යන්න එයි

October 25, 2014   07:51 am

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ ඔහු දින 5ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණිමට නියමිත බවයි.

මෙරට රැදි සිටින කාලය තුළ කමලේෂ් ශර්මා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඉහළපෙළේ නිලධාරින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කිරිමට නියමිත බව සඳහන්ය.

ඔහු යාපනය ප්‍රදේශයේ සංචාරයක ද නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියි.

2013 වසරේ මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවේ ප්‍රගතිය පිළිබඳව සොයාබැලීම කමලේශ් ශර්මා මහතාගේ මෙරට සංචාරයේ අරමුණ බව කියැවෙයි.