දරුවා පැහැරගත් හිමිනම 7 තෙක් රිමාන්ඩ්

දරුවා පැහැරගත් හිමිනම 7 තෙක් රිමාන්ඩ්

October 25, 2014   07:07 am

හොරණ බටුවිට ප්‍රදේශයේ දි දරුවෙකු රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු භික්ෂුන් වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනුරාධපුර සහ අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය විසින් මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

එම භික්ෂුන් වහන්සේ ලබන මස 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්ය.

එදිනට අදාළ උන්වහන්සේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ඒ.කේ බණ්ඩාර මහතාට නියෝග කර තිබේ.

හොරණ බටුවිට ප්‍රදේශයේ දි නීති විරෝධීව නව හැවිරිදි බාල වයස්කාර දරුවෙකු රැගෙන ගොස් ජේතවනාරාමය ආසන්නයේ සිටියදි රුවන්වැලි සෑ පොලිසිය විසින් ඊයේ පෙරවරුවේ අදාළ දරුවා සොයාගනු ලැබිණි.

පසුව එම ස්ථානයේදිම දරුවා රැගෙන ගිය හිමිනම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.