14 වියැති දැරිය මාමාගෙන් අතවරයට ලක්වෙලා

14 වියැති දැරිය මාමාගෙන් අතවරයට ලක්වෙලා

October 25, 2014   06:12 am

වයස අවුරුදු 14 යි මාස 07 ක බාල වයස්කාර දැරිවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇය සමග ලිංගික ඇසුරක් පැවැත්වූ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව පොලිස් වසමේ ආඩිගම - පුනවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියකි.

අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරු අතවරයට පත් දැරියගේ මාමා කෙනෙකු බවට හෙළිවී ඇති බව පොලීසිය කියයි.

ඔහු වයස අවුරු 28 ක තරුණයෙකු බව තම දුවට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් දැනගෙන ඇති මව මේ බව පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

අතවරයට පත්ව ඇති දැරියගේ පියා රැකියාවක් සදහා විදේශ ගතවී සිටින අතර ඇය තම මව සමග නිවසේ වාසය කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා රාත්‍රී කාලයේ මව නිවස තුළ නිදා සිටින විට නිවස පිටුපස ඇති බව කියන කුකුළු කොටුවක් අසලදී සැකකරු මුල් වතාවට තමා සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණයක් සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.

ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.