2015 අය වැයෙන් වෑන් හා කාර් බද්ද පහලට - මෙන්න විස්තරේ

2015 අය වැයෙන් වෑන් හා කාර් බද්ද පහලට - මෙන්න විස්තරේ

October 24, 2014   09:14 pm

2015 අය වැයෙන් වාහන සඳහා හඳුන්වාදෙන බවට ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ නව බදු ක්‍රමය යටතේ අද සිට වාහන හා මෝටර් රථ බදු මිල ගණන් අඩුවන බව මුදල් අමාත්‍යංශය කියයි.

නව බදු සංශෝධන අනූව මෝටර් රථවල රේගු බද්ද සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථවල රේගු බද්ද සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස් .ආර්. ආටිගල මහතා අප සමග පැවසීය.

මෙම බදු සංශෝධන අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකය.

“මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“ යනුවෙන් ආටිගල මහතා පැවසීය.

නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර ඇත.

මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළයයි.

වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 ක්ව තිබූ බද්ද සියයට 100ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

වැඩිදුර කියවීම...http://www.adaderana.lk/biz/breaking-news/