සබරගමු සරසවිය යළි ඇරේ

සබරගමු සරසවිය යළි ඇරේ

October 24, 2014   05:45 pm

තාවකාලිකව වසා දැමුණු සබරගමුව විශ්ව විද්‍යාලය පළමු වසර සිසුන් සඳහා ලබන සඳුදා දිනයේ විවෘත කිරීමට තීරණය කර තිබේ.

උපකුලපති මහාචාර්ය චන්දන පී.උඩවත්ත මහතා සඳහන් කළේ අද පැවති සාකච්ඡාවක දී මෙම තිරණය ගත් බවයි.

ඒ අනුව ලබන 26 වන ඉරිදා දිනයේ එම සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බව උපකුලපතිවරයා දැනුම්දෙයි.

මේ අතර දෙවන, තෙවන හා සිව්වන වසර සිසුන් සඳහා ද විශ්ව විද්‍යාලය ලබන මස තුන්වෙනිදා විවෘත කිරීමට අද පැවති සාක්ච්ඡාවේදී තීරණය කළ බව උපකුලපතිවරයා පැවසුවේය.

නේවාසිකාගාර ගැටලුවක් මුල්කරගනිමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් පිරිමි නේවාසිකාගාරයේ නවාතැන් ගැනීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 5 වැනිදා විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගත්තේය.