නුග ගසට කතුන් 3ක් බිලි - ළිඳුළ බස් අනතුරින් 13ට තුවාලයි

නුග ගසට කතුන් 3ක් බිලි - ළිඳුළ බස් අනතුරින් 13ට තුවාලයි

October 24, 2014   05:13 pm

මාතලේ, රත්තොට, දම්මඩුවත්ත ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.

අනතුරෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඔවුන් ප්‍රදේශයේ තේ වත්තක දළු නෙළමින් සිටියදී නුග ගසක් කඩා වැටී ඇති බව සඳහන්ය.

ගසට යටවු කාන්තාවන් සිව්දෙනා රත්තොට රෝහලට ඇතුළත් කිරිමේදී ඉන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

තුවාල ලැබු අනෙක් කාන්තව මේ වන විට රත්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර ළිඳුල සිට තලවාකැලේ දක්වා ධාවනය වූ බසයක් ආගරකන්ද ප්රදේශයේදී අඩි 30ක ප්රපාතයකට පෙරළී එහි සිටි පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද පස්වරු 3.15 ට පමණ අනතුර සිදුව ඇති අතර තුවාලකරුවන් ළිඳුල ප්රාථමික රෝහලට ඇතුළත් කර ඇත.

ඒ අතර පිරිමි 6ක් හා කාන්තාවන් 7ක් වන බව පොලිස් මාධ්ය ඒකකය කියයි.