රත්‍තරන් ගෙනා ව්‍යාපාරිකයාට දැල

රත්‍තරන් ගෙනා ව්‍යාපාරිකයාට දැල

October 24, 2014   04:57 pm

නීති විරෝධීව රත්‍රං රැගෙන මෙරටට පැමිණි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පුරුවේ සිට අද දහවල් පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.

සැකකරු‍ෙග් බෑගයක තිබී රත්‍රං කැබලි 05ක් සොයාගෙන ඇත.

එහි බර ග්‍රෑම් 500ක් වන අතර වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි අයෙකු වන අතර ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බව වාර්තා වේ.