කුණු කන්ද ළඟ මළ සිරුරක්

කුණු කන්ද ළඟ මළ සිරුරක්

October 24, 2014   11:45 am

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය, මානෙල්ගම, කුණුකන්ද ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

පෑළියගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අද උදෑසන ‍ මළ සිරුර සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැත.

ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පෑළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.