කළ යුත්ත ජනපති කියයි

කළ යුත්ත ජනපති කියයි

October 24, 2014   08:33 am

බහුදින යාත්‍රා වලින් අල්ලන මසුන් ධීවර සංස්ථාව මගින් ස්ථාවර මිලකට මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

විදේශ යාත්‍රා මගින් අල්ලා ගන්නා මසුන් ‍ ධීවර සංස්ථාව මගින් ඍජුව මිලදී ගැනීමට සහ විදේශයන්ගෙන් පැමිණෙන ධීවර යාත්‍රා සංඛ්‍යාව අවශ්‍යතාව අනුව අඩු කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මධ්‍ය අංශය සඳහන් කළේය.

ධීවරයින්ගේ ගැටලු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ඊයේ පස්වරුවේ අරලියගහමන්දිරයේ පැවති හමුවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳ අවධානය යොමු කර තිබේ.

බහුදින ධීවර යාත්‍රා වලින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් නිසා පසුගියදා ධීවරයින් පිරිසක් ධීවර අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවකද නිරත වූ අතර එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් ද ඇති විණ.