මාරක රිය අනතුරක් 1ක් මරුට -3ට තුවාලයි

මාරක රිය අනතුරක් 1ක් මරුට -3ට තුවාලයි

October 23, 2014   06:10 pm

පුත්තලම - හලාවත මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

එම මාර්ගයේ පාලවිය මන්සන්දියේදී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව, රත්මලේහන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලැබුවන් පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.