ධූරය හළ සාලිය සුමේධ පද්ම උදයශාන්ත‍ගේ නම ස්ථීර කරයි

ධූරය හළ සාලිය සුමේධ පද්ම උදයශාන්ත‍ගේ නම ස්ථීර කරයි

October 23, 2014   05:21 pm

ඌව පළාත් සභා‍වේ උප සභාපති ධුරයට පද්ම උදයශාන්ත ගුණසේකර මහතා තේරීපත්ව තිබේ.

උප සභාපතිවරයා වශයෙන් පසුගිය දා තේරීපත් වු සාලිය සුමේද සිල්වා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වුණි.

ඒ අනුව සභාපති ඒ. එම් බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භ වු අවස්ථාවේ හේමා රත්නායක මන්ත්‍රීවරිය විසින් උප සභාපති ධුරය සදහා පද්ම උදයශාන්ත ගුණසේකර මහතා යෝජනාකර ඇත.

එම යෝජනාව උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වු සාලිය සුමේද සිල්වා මහතා විසින්ම ස්ථිර කිරීම විශේෂත්වයකි.

මේ අතර ඌව පළාත් සභාවේ 2015 වසර සඳහා සංක්ෂිප්ත මුදල් ප්‍රකාශය සභාවට ඉදිරිපත් කිරීම පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති අතර අයවැය විවාදය සඳහා ලබන මස 10 වනදා දක්වා සභාව කල්තැබු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.