පේරාදෙණි සිසුවෝ අර‍ගලයෙන් ජය ලබති

පේරාදෙණි සිසුවෝ අර‍ගලයෙන් ජය ලබති

October 23, 2014   05:12 pm

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව දින 61 ක කාලයක් අඛණ්ඩව පැවැත්වු සත්‍යග්‍රහ ව්‍යාපාරය අවසන් කර තිබේ.

අද දහවල් ගලහමන්සන්ධියේ පැවැත්වු උද්ඝෝෂණ ව්‍යාපාරයකින් අනතුරුව සත්‍යග්‍රහ ව්‍යාපාරය අවසන් කිරීමට සිසුන් කටයුතු කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යාපන පීඨයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා ගලහ මන්සන්ධිය අසළ ඉදිකළ අට්ටාලයක සිසුන් විසින් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලැබීය.

කෙසේ වෙතත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් කළමනාකරණ පීඨය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසයි .

මේ හේතුවෙන් සත්‍යග්‍රහ ව්‍යාපාරය අවසන් කිරීමට පියවර ගත් බව ඔවුන් කියයි.

වසර 07ක කාලයක් සිසුන් සිදුකළ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලය සඳහා කළමනාකරණ පීඨයක් ලැබීම සිසුන් ලැබු විශාල ජයග්‍රහණයක් බව මහ ශිෂ්‍ය සංගමය සඳහන් කළේය.