එජාප මන්ත්‍රීන්ගේ ගමනට නොතීසි!

එජාප මන්ත්‍රීන්ගේ ගමනට නොතීසි!

October 23, 2014   04:34 pm

වරාය අධිකාරියේ සේවකයින් පිරිසක් විසින් ගොනුකරන ලද පැමිණිල්ලකට අදාළව එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක, අජිත් පී. පෙ‍ෙර්රා, නලීන් බණ්ඩාර හා ආර්. යෝගරාජන් යන මන්ත්‍රීවරුන්ට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අද (23) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඒ අනූව ලබන 27දා ඔවුන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇතැයි සඳහන්ය.

කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක පුහුණු කිරීමේ පාසලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ එජාප මන්ත්‍රීන් පිරිසකට එදින ප්‍රහාරයක් එල්ල විය.