උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය 26දා

උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය 26දා

October 23, 2014   03:04 pm

2015 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පැවැත්වෙන සමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 26 වනදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 26 වන ඉරිදා දින පෙරවරු 09.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වෙන බවයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1176 ක දී විභාගය පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා සිසුන් එක් ලක්ෂ 49,784 ක් අයදුම්කර ඇති බව සඳහන්ය.

විභාග ප්‍රවේශපත්‍ර නොලැබුණු අයදුම්කරුවන් සීටිනම්,ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාකාවේ 0112 784 208 හෝ 0112 784 537 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය සඳහා බන්ධනාගාර රැදවියන් පිරිසක් අයදුම්කර ඇති බව පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

රැදවියන් 16 දෙනෙකු ඒ සඳහා අයදුම්කර ඇත.

වටරැක බන්ධනාගාර සුනීත පාසලේ අධ්‍යාපනය ලබන රැඳවියන් පිරිසක් මෙලෙස සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.