කෝටිපතියා ළිඳට පැන්නාද? දැමුවාද?
October 23, 2014 01:08 pm
රුපියල් කෝටි දෙකහමාරක ලොතරැයි වාසනාවක් හිමිවූ ගල්ගමුව, වැටකුළුවාගම ප්රදේශයේ වයස අවුරුදු 38ක පුද්ගලයෙකු වගා ළිඳකට වැටී මියයාම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඊයේ රාත්රී 10ට පමණ මෙය සිදුව ඇති බව අප වාර්තාකරු කියයි.
මොහු ළිඳට වැටුණාද, එසේත් නැතිනම් ළිඳට ඇද දැමුවාද යන්න පොලිසියේ දැඩි අවධානය යොමුව ඇත.
මාස ගණනාවකට ඉහතදී ලොතරැයි වාසනාව හිමිවීමෙන් පසු මොහු දිනපතාම මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බවත්, එක්දරු පියෙකු වන මොහුගේ බිරිය මොහු හැරදමා ගොස් ඇති බවත්, අප වාර්තාකරු කියයි.
මත්පැනට ලොල් වූ මෙකී පුද්ගලයා ඊයේ රාත්රියෙත් යහළුවන් කිහිප දෙනෙකු සමග එක්ව මත්පැන් පානය කර ඇති බවද, ලොතරැයියෙන් හිමිවූ මුදල මත්පැන් පානය කර විනාශ වූ පසු තවත් අයට ණයකාරයෙකු බවට පත්ව ඇති බවක්ද කියැවෙයි.
කෙසේ හෝ සුනිල් දිසානායක නැමැති මෙම පුද්ගලයාගේ මරණය සැකසහිත බව ඥාතීන් පොලීසියට ප්රකාශ කර තිබේ.
නිවසේ සිට මීටර් 100ක් පමණ ඈතින් පිහිටි වගා ළිඳකට වැටී සිටි මෙම පුද්ගලයා ගොඩට ගැනීම සඳහා එහි වතුර හිස් කරන අයුරු ඡායා රූප පෙළින් දැක්වෙයි.
ඡායා රූ - සංජීව රත්නායක