ක්‍රිකට් කණ්ඩායම ලබන 28දා ඉන්දියාවට

ක්‍රිකට් කණ්ඩායම ලබන 28දා ඉන්දියාවට

October 23, 2014   10:38 am

එක්දින තරඟාවලි සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ලබන 28 වැනිදා ඔවුන් එසේ ඉන්දියාව බලාපිටත්ව යාමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දීයාවේ ක්‍රිකට් සංචාරය අතරමග අතහැර දමා යාම නිසා එහි අඩුව පුරවනු වස් ශ්‍රී ලංකාව ඉන්දීය සංචාරයට කැමැත්ත පළ කරන ලදී.

කොදෙව්වන් සංචාරය අතරමග අතහැර දැමුවේ ගෙවීම් සම්බන්ධ ප්‍රශ්නයක් මුල්කර ගනිමිනි.