යතුරු පැදිය පෙරළී දෙහැවිරිදි දරුවා මරුට

යතුරු පැදිය පෙරළී දෙහැවිරිදි දරුවා මරුට

October 23, 2014   10:18 am

කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් යතුරුපැදිකරු සහ ඔහුගේ දරුවා තුවාල ලබා ඇති අතර කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම දරුවා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු දෙකහමාරක් පමණ වයසැති පිරිමි දරුවෙකි.

මළසිරුර කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.