පිටකොටුවේ හා මාතර ගිනි

පිටකොටුවේ හා මාතර ගිනි

October 23, 2014   10:08 am

පිටකොටුව, පළමු හරස් වීදියේ ගොඩනැඟිල්ලක හටගත් ගින්නකින් වෙළඳසැල් 03 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ඊයේ රාත්‍රියේ මහල් 03 ක ගොඩනැගිල්ලක හටගත් ගින්න ගිනි නිවන ඒකකය සහ පොලිසිය එක්ව මැඩපවත්වා ඇති බව සඳහන්ය.

ගින්නෙන් විදුලි උපකරණ අලෙවිසැළක්, ජංගම දුරකථන අලෙවිසැලක් සහ නිමි ඇදුම් අලෙවිසැළක් මෙලෙස විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

එසේම පිටකොටුව කේසර් වීදියේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින්ද තොග භාණඩ වෙළඳසැළක් විනාශයට පත්වී ඇති බව පොලිසිය සඳහන් කළේය. මේ අතර මාතර අනගාරික ධර්මපාල මාවතේ ඉදිවෙමින් පවතින නව ගොඩනැඟිල්ලක ගින්නක් හටගෙන තිබේ.

මාතර පොලිසිය සහ ගිනි නිවීමේ ඒකක එක්ව ගින්න සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් ගණන් බලා නැත.

ගින්නට හේතුව අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.