දරුවාගේ මව්පියන් හඳුනාගැනීමට ඩී.එන්.ඒ පරීක්ෂණයක්

දරුවාගේ මව්පියන් හඳුනාගැනීමට ඩී.එන්.ඒ පරීක්ෂණයක්

October 22, 2014   10:07 pm

දඹුල්ල බස් නැවතුමේදී අද දහවල් පොලිස් බාරයට ගත් දරුවාගේ සැබෑ මව්පියන් හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී අජිත් රෝහණ මහතා කියයි.

එම ළමයා තමාගේ බවට සැකපිට අත්අඩංගුවට ගත් යාචකයා කියාපෑම ඊට හේතුවය.

ඒ අනූව ළමයාගේ අයිතිය සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

අම්බලන්ගොඩ බස් නැවතුමේදී පසුගිය වසරේ දෙසැම්බර් මස පැහැර ගැනීමට ලක්වූ බව කියන දරුවා අද දඹුල්ල බස් නැවතුමේදී පොලිස් බාරයට ගැනිණ.

මේ අතර දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ලොකු මුදියන්සේලාගේ කමල් නම් යාචකයා රිමාන්ඩ් බාරයට පත් කෙරිණ

දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් නිලූකා විජේරත්න මහත්මිය සැකකරු සහ දරුවාද ලබන මස 12 වැනි දා බලපිටිය මහේස්ත්‍රාත් හමුවට පමුණුවන ලෙස නියෝග කළාය.

එතෙක් දරුවා අනුරාධපුර ළමා නිවාසයකට බාර දීමට ද නියෝග කර තිබේ.