සතුන්ට ඇටවූ විදුලි රැහැනට පුද්ගලයෙක් බිලි

සතුන්ට ඇටවූ විදුලි රැහැනට පුද්ගලයෙක් බිලි

October 22, 2014   10:31 am

ගලේවෙල, පත්කොළගොල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබේ.

සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබු විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

එම මරණය විදුලිසැර වැදීමෙන් සිදුවු මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය වී ඇත.

අනවසර විදුලි රැහැන් යෙදු බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.