යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීමෙන් පසු වත්කම්වල හිමිකාරයා කේ.පී! - මංගලගේ හෙළිදරව්ව
October 21, 2014 04:11 pm
යුරෝපා සංවිධානය විසින් කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමටගත් පියවරත් සමග යුරෝපීය රටවල් තුළ 2006 සිට මේ දක්වා “ගල්” කර තිබූ එල්.ටී.ටී.ඊයේ වත්කම් වලට නිල වශයෙන් හිමිකම් කීමට සිටින එකම නායකයා වන්නේ රාජපක්ෂ රෙජිමයේ අනුග්‍රහයෙන් සුරතලෙකු බවට පත්ව සුරසැප විඳින කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ තහනම ඉවත් කිරීමේ ඊළඟ පියවර, යුරෝපීය රටවල් තුළ පවත්වාගෙන ගිය 2006 සිට මේ දක්වා 'ගල්' කර තිබූ සියලූම වත්කම් නැවතත් නිදහස් කිරීම බවත්, එවිට ඒවායේ පරිපාලන අයිතිය තැවතත් ලැබෙන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එවිට නම්කර තිබූ නායක මණ්ඩලයේ කිහිප දෙනෙකුට පමණ බවත්, ඒ මහතා කියයි.
ඒ අනූව 2009 දී ප්රභාකරන්ගේ මරණයෙන් පසු එල්.ටී.ටී.ඊ නායකත්වයට නිල වශයෙන්ම පත් වූ කේ.පී. පද්මනාදන් නැමැති කොටි නායකයාට මෙම වත්කම්වලට උරුමකම් කීමට හැකි බවත්, එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් පනවා තිබූ මෙම නඩුවට ශ්‍රී ලංකාවෙන් නීතිඥයින් ඉදිරිපත් නොකිරීම සැකසහිත බවත් ඒ මහතා පෙන්වාදෙයි.
හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙන අතර එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ විශේෂ නිවේදනය
2005 දී මා විදේශ ඇමතිවරයා වශයෙන් පත්වන විට එල්.ටී.ටී.ඊ සංවිධානයේ ශක්තිමත්ම මූල්‍යමය සහ ව්‍යාපාරික ජාලය පවත්වාගෙන ගියේ යුරෝපීය රටවල් කිහිපයක් තුළය. මීට ප්‍රථම ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිවරයා විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදයේත් මහා බ්‍රිතාන්‍යයේත් තහනමට ලක්කිරීමෙන් පසුව එල්.ටී.ටී.ඊ සංවිධානය තමන්ගේ සියලූම බැංකු ගිණුම් සහ මහා පරිමාණයේ මුදල් උපයන ව්‍යාපාර ද පවත්වාගෙන ගියේ යුරෝපීය සංගමයට අයත් රටවල් තුළය.
මේ නිසාම මා විසින් විදේශ අමාත්‍යාංශයේ සියලූම නිලධාරීන් එක්රැස්කොට යුරෝපයේ පමණක් නොව අනෙකුත් ප්‍රධාන රටවල්වල තනාපතිවරුන්ගේ ද ක්‍රියාකාරී දායකත්වය ලබා ගනිමින් එල්.ටී.ටී.ඊ සංවිධානය යුරෝපීය සංගමය තුළ තහනම් සංවිධානයක් බවට පත් කිරීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරන ලදී.
යුරොපීය සංගමයේ ව්‍යාවස්ථාව අනුව ගන්නා ඕනෑම තීන්දුවක් එහි සාමාජික රටවල් සියල්ලම ඒකමතිකව සම්මත කළ යුතු බැවින් මමත් විදේශ අමාත්‍යාංශයේ කාර්යය මණ්ඩලයත් කරන ලද මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස එවකට යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 25න් රටවල් 18කගේ ම එකඟත්වය ලබාගැනීමට හැකිවිය.
මේ තහනම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම් දෙගිඩියාවකින් කටයුතු කළ අනෙකුත් රටවල් 7 එකඟ කරගැනීම සඳහා අපට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබාගන්නට හැකිවිය.
විශේෂයෙන්ම මේ අවස්ථාවේදී එම කටයුත්තට විශාල වශයෙන් දායක වූ අමෙරිකාවේ රාජ්‍ය ලේකම්තුමිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත් නියෝජ්‍ය ලේකම් නිකලස් බර්න්ස් මහතාත් ස්තූතිපූර්වකව සිහිපත් කළ යුතුය.
ඒ අනුව 2006 මැයි 29 වෙනි දින එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වශයෙන් යුරෝපිය සංවිධානය නිල වශයෙන්ම ප්‍රකාශ කරන ලදී. මේ තහනම එල්.ටී.ටී.ඊ සංවිධානයට මහා පසුබෑමක් වූ අතර මෙම තහනමේ ප්‍රතිඵලයක් හැටියට එල්.ටී.ටී.ඊ සංවිධානය සතු සියලූම වත්කම්, ව්‍යාපාර සහ බැංකු ගිණුම් 'ගල්' (Freeze) කරන ලදී.
එදා විදේශ අමාත්‍යාංශය විසින් මේ ආකාරයට ලබාගන්නා ලද තහනම අද මෙම රජයට තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකිවීම විශ්මයට කරුණකි.
මා හට ලැබී ඇති තොරතුරු අනුව මේ නඩුව වෙනුවෙන් හෝ ලංකාවේ රජය වෙනුවෙන් හෝ කිසිම නීතීඥයෙකු පෙනීසිට නැත. අඩුම වශයෙන් මෙම තහනම ඉවත්කිරීමට විරුද්ධව අපගේ තානාපතිවරයාගෙන් හෝ දිවුරුම් ප්‍රකාශයක්වත් ඉදිරිපත් කර නොමැත.
මෙය මෙසේ සිදුවී ඇත්තේ මෙම රජයේ නොහැකියාව හෝ නොදැනුවත්කම නිසා ද එසේ නැතිනම් සැලසුම්ගත කුමන්ත්‍රණයක් අනුවද යන්න සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවනවා ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ තහනම ඉවත් කිරීමේ ඊළග පියවර වන්නේ එල්ටීටීඊ සංවිධානයේ යුරෝපීය රටවල් තුළ පවත්වාගෙන ගිය 2006 සිට මේ දක්වා 'ගල්' කර තිබූ සියලූම වත්කම් නැවතත් නිදහස් කිරීමයි. එවිට ඒවායේ පරිපාලන අයිතිය තැවතත් ලැඛෙන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එවිට නම්කර තිබූ නායක මණ්ඩලයේ කිහිප දෙනෙකුට පමණකි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ සියලූම නායකයින් 2009 දී ඝාතනය වුවද මේවාට හිමිකම් නිල වශයෙන් ම පෙන්විය හැකි ජීවතුන් අතර සිටින එකම නායකයා වන්නේ එදා කොටි සංවිධානයේ ජාත්‍යන්තර ලේකම් වශයෙන් කටයුතු කළ, 2009 දී ප්රභාකරන්ගේ මරණයෙන් පසු එල්ටීටීඊ නායකත්වයට නිල වශයෙන් ම පත් වූ කේ.පී. පද්මනාදන් නැමැති කොටි නායකයාට ය.
අද මෙම කොටි නායකයා වර්තමාන රජයේ ප්‍රධාන සුරතලෙකු බවට පත්වී ඇති අතර ඔහු අද සුර සැප විඳින්නේ ද රාජපක්ෂ රෙජිමයේ අනුග්රහයෙනි. ඔහු හරහා කොටි සංවිධානයේ රත්තරන්, නැව් සහ වෙනත් වත්කම් සම්බන්ධයෙන් සියලූ තොරතුරු මෙම රජය ලබාගෙන ඇති බව ද රහසක් නොවේ.
ඒ අනුව මේ කොටි තහනම ඉවත් කිරීමේ ප්‍රධාන වාසිය ලැඛෙන්නේ වෙන කාටවත් නොව කේපීටත් කේපී පිටුපස සිටින රාජ්‍ය බලවේගයන්ට බව මම සැක කරමි.
යුරෝපීය අධිකරණයට ඉදිරිපත් වී මේ තහනම පවත්වාගෙන යාමට කිසිම උනන්දුවක් දැක්වූවේ නැත්තේ ද කේපී හරහා මේ වත්කම් නැවතත් රජයේ ඇතැමුන්ට ලබාගැනීමට තිඛෙන වුවමනාව නිසාද යන සාධාරණ සැකය මේ නිසා මතුවනවා ඇත.
කරුණු මෙසේ තිබියදී රාජපක්ෂ රෙජිමය තමන්ගේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ වසන්කර ගැනීම සඳහා සුපුරුදු කොටි ලේබලය එක්සත් ජාතික පක්ෂයට අලවන්නට තවත් බොළඳ උත්සාහයක යෙදී සිටියි.
විශේෂයෙන්ම කොටි සංවිධානයේ ජීවතුන් අතර සිටින කේ.පී. කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි කොටි නායකයන් තමන්ගේ ඔඩොක්කුවේ තබාගෙන සුරතල් කරමින් එක්සත් ජාතික පක්ෂයට ඇඟිල්ල දික්කිරීම බුද්ධිමත් ජනතාව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා ඇත. රාජපක්ෂ රෙජිමයේ මේ 'කොටි කතා' අද 'බොළඳ කෙටි කතා' බවට පත්ව ඇත.
මංගල සමරවීර -පා.ම.
එජාප නායකත්ව මණ්ඩල සාමාජික
මේ අතර යුරෝපා සංවිධානය විසින් පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කිරීමට ගනු ලැබූ පියවර ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක බලපෑම මත සිදුකළ ක්‍රියාවක් නොවන බව යුරෝපා අධිකරණය පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා බ්‍රිතාන්‍යයේ කළ සංචාරය පාදක කර ගනිමින් ඇතැම් මාධ්‍ය පෙන්වාදී තිබුණේ ඔහුගේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බවකි.