2017ට කලින් ටෙස්ට් ගහන්න ඉන්දියාව එයි!
October 21, 2014 12:26 pm
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ටෙස්ට් ක්රිකට් තරඟාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
ලබන වසරේ දී එම තරඟාවලිය මෙරටට දී පැවැත්වීම පිළිබඳ සාකච්ජා කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.
බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවට ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින තරග 05 ක් ක්රීඩා කිරීම සඳහා ශ්රී ලංකාව එකඟතාව පළ කිරීම හේතුවෙන් එම අවස්ථාව උදාවනු ඇති බව වාර්තා වෙයි.
2010 වසරෙන් පසු දෙරට අතර ටෙස්ට් තරගාවලියක් පවත්වා නොමැති අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට මීට පෙර නියමිතව තිබුණේ 2017 වසරේ දී ය.
යෝජිත තරගාවලිය සඳහා ටෙස්ට් තරග 03ක් පමණක් අන්තර්ගත වන අතර තරඟාවලිය මෙරටදී පැවැත්වුවහොත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට අමෙරිකානු ඩොලර් මිලියන 7 - 8ත් අතර මුදලක් හිමිවනු ඇත.