ආරක්ෂක ලේකම් ඉන්දීය ආරක්ෂක ඇමති හමුවෙයි

ආරක්ෂක ලේකම් ඉන්දීය ආරක්ෂක ඇමති හමුවෙයි

October 21, 2014   09:11 am

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය අරුන් ජෙයිට්ලි මහතා හමුවී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ(20) පස්වරුවේ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුවු බවයි.

දෙරට අතර වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය ආරක්ෂක ලේකම් ආර්.කේ.මාතූර් මහතා ද සහභාගී වී සිටි බව වාර්තා වෙයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා විසින් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සමරු සිහිවටනයක් ද පිරිනමා තිබේ.