කොටුවේ අද උද්ඝෝෂණ

කොටුවේ අද උද්ඝෝෂණ

October 21, 2014   08:33 am

වැටුප් වැඩිකිරීම, ජීවන බර අඩුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය , අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර තිබේ.

අද(21)  පස්වරු තුනට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරන බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා වෘත්තීය සමිතිවලට අමතරව දේශපාලන පක්ෂවල ද සහයෝගය හිමිව ඇති බව සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර සිටියේය.