බුදුපිළිම හා මැණික් ගල් සමග ඇල්ලු 5 තවදුරටත් රිමාන්ඩ්

බුදුපිළිම හා මැණික් ගල් සමග ඇල්ලු 5 තවදුරටත් රිමාන්ඩ්

October 20, 2014   03:26 pm

රන් පැහැති බුදුපිළිම 03ක් සහ මැණික් ගල් 09ක් සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන්ගේ ඇප ඉල්ලුම ප්‍රතික්ෂේප කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා‍ විසින් මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනූව සැකකරුවන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මීට අමතරව මෙම බුදුපිළිම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඊට අදාළ වාර්තාවක් අධිකරණයට රැගෙන එන ලෙසත් මැණික් ගල් නවය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර වටිනාකම සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැලකෙන රන් පැහැති බුදු පිළිම 03ක් සහ මැණික් ගල් 09ක් සමඟ මුලතිව් පොලිසිය මගින් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ දී පසුගිය මස 28 වනදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.