මහින්ද බාලසුරියට නව තනතුරක්
October 20, 2014 12:08 pm
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසුරිය මහතා වැඩ භාර ගැනීමට නියමිතව තිබේ.
පොලිස් මුලස්ථානය කියා සිටියේ හෙට(21) පෙරවරු 09. 55 ට යෙදෙන සුභ මොහොතින් නව ලේකම්වරයා බත්තරමුල්ල සෙත් සිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේ දී වැඩ භාර ගන්නා බවයි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය 2013 වසරේ දී පිහිටුවීමෙන් පසු එහි ආරම්භක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතායි.
මහින්ද බාලසුරිය මහතා මෙරට පොලිස්පති ධුයේ කටයුතු කරමින් සිටිය දී කටුනායක ප්‍ර දේශයේ ඇතිවු ගැටුම්කාරී තත්ත්වයෙන් පසු 2011 වසරේ දී පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වුණි.
පසුව ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.