ඉන්දුනීසියාවට නව ජනපතිවරයෙක්
සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවට නව ජනපතිවරයෙක්

October 20, 2014   10:56 am

ඉන්දුනීසියානු නව ජනාධිපතිවරයා ලෙස ජොකෝ විඩෝඩෝ අද සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

පසුගිය ජුලි මාසයේ පැවැති මැතිවරණයෙන් ජයගත් විඩෝඩෝ දිවුරුම් දීමේ අවස්ථාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ද සහභාගි වීමට නියමිතය.

53 හැවිරිදි ජොකෝ විඩෝඩෝ ජාකර්තා හිටපු ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අතර ඔහු හමුදාමය හෝ දේශපාලන ප්‍රභූ පැලැන්තියක අයෙකු නොවන පළමු ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ලෙස සැලකෙයි.

දිවුරුම්දීම වෙනුවෙන් 24,000 ක පමණ පොලිස් සහ හමුදා ආරක්ෂක බලඇණියක් යොදවා ඇති අතර අද රාත්‍රී නව ජනාධිපතිවරයා එළිමන් විශේෂ සංදර්ශනයකටද සහභාගි වන බව විදෙස් වාර්තා පවසයි.

හිටපු ජනාධිපති සුසිලෝ බැංබැං යුදයානෝගේ ධුර කාලය අවසන් වීම නව ජනපති දිවුරුම්දීමට හේතුවය.