ලංකාවට එන්න ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක් සුදානම්

ලංකාවට එන්න ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක් සුදානම්

October 20, 2014   08:40 am

ඉදිරියේ දී පැවැත්වෙන ජාතික මැතිවරණයකදී ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමක් මෙරටට එවීමට ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය මේ වනවිටත් සිය කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට එවීමට සුදානමින් සිටින බවද වාර්තා වෙයි.

එසේම මේ සම්බන්ධයෙන් තවදුරටත් ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ජා පවත්වමින් සිටින බව පැෆ්රල් සංවිධනයේ විධායක අධ්‍යක්ෂණ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.