ඉරාකයේ ඉන්නත් එපා - ඉරාකයට යන්නත් එපා
සයුරෙන් එතෙර

ඉරාකයේ ඉන්නත් එපා - ඉරාකයට යන්නත් එපා

October 17, 2014   10:49 am

ඉරාකයේ වෙසෙන සියලු ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට නැවත සිය රටට පැමිණෙන ලෙස ඔස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර තිබේ.

ඉරාකයේ බග්ඩෑග් නුවර කේන්ද්‍ර කරගනිමින් ඉස්ලාමීය රාජ්‍යයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජය මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වන්නේය.

එමෙන්ම ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ඉරාකය බලා පිටත්ව නොයන ලෙසට ද එරට විදේශ සහ වෙළඳ කටයුතු දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට පුද්ගලයින් 181 දෙනෙකු ඉරාකයේ වෙසෙන බවට වාර්තා වී තිබුණ ද ලියාපදිංචි නොවු පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරක් නොමැති බවයි.

බැග්ඩෑග් නුවර සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වුව ද ඉරාකයේ පිහිටි ඔස්ට්‍රේලියානු කොන්සල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු මහජනතාවට වසා තබා ඇති බවද එරට විදේශ සහ වෙළඳ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.