සයිඩ් අජ්මාල්ට මොකද වෙන්නේ?

සයිඩ් අජ්මාල්ට මොකද වෙන්නේ?

October 16, 2014   01:25 pm

පන්දුයැවීමේ තහනමකට ලක්ව සිටින පාකිස්ථාන දඟපන්දු යවන ක්‍රීඩක සයීඩ් අජ්මාල් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ දේශිය පරික්ෂණයකට මුහුණ දීමට තීරණය කර තිබේ.

ඔහු එම තීරණය ගෙන ඇත්තේ හිටපු පාකිස්ථාන දඟපන්දු යවන්නෙකු වන ශක්ලේන් මුෂ්ටාක් සමඟ පුහුණුවීම් සිදු කිරීමෙන් අනතුරුවය.

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරඟයක් අතරතුර අජ්මාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වුණි.

පසුව ඔහුට සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර තරඟවල පන්දු යැවීම තහනම් කෙරුණි.

එම තහනමෙන් පසු ඔහු හිටපු පකිස්ථාන දඟපන්දු යවන්නෙකු වන ශක්ලේන් මුෂ්ටාක් සමඟ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනිම සඳහා පුහුණුවීම්වල නිරත වී තිබේ.

මාසයකට වැඩි කාලයක් සිදුකළ පුහුණුවිම් වලින් අනතුරුව ඔහු දේශිය පරික්ෂණයට මුහුණු දීමටත් එම පරීක්ෂණයෙන් ඔහුගේ ඉරියව් නිවැරදි බව ඔප්පු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සිදුකරන පරීක්ෂණයකට ඔහු ඉදිරිපත් වීමටත් නියමිතය.