‍FB නිර්මාතෘ ඉබෝලා මඬින්න සල්ලිදෙයි
සයුරෙන් එතෙර

‍FB නිර්මාතෘ ඉබෝලා මඬින්න සල්ලිදෙයි

October 15, 2014   11:59 am

ඉබෝලා වෛරස පාලනය කිරීමේ කටයුතු සඳහා ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අමෙරිකානු ඩොලර් මිලියන 25ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

සිය ෆේස්බුක් පිටුවෙන් ඔහු මේ බව නිවේදනය කර ඇති බව සඳහන්ය.

සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින ඉබෝලා වෛරසය විශාල තර්ජනයක් බවට පත්ව ඇති අතර එය පාලනය කිරීමට සියලු පාර්ශව කැපවීමෙන් කටයුතු කළ යුතු බව මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර ඇත.

මේ හේතුවෙන් රෝගය පාලනය කිරීමේ කටයුතු සඳහා මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට තමා තීරණය කළ බව ඔහු ප්‍රකාශ කර ති‍ෙබ්.

පසුගිය මාර්තු මාසයේ සිට පැතිරයමින් පවතින ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 4000 ට වැඩිපිරිසක් මියගොස් ඇති අතර වෛරසය ආසාධනය වු සංඛ්‍යාව 8400 ඉක්මවති.