හුඩ් හුඩ් ඉන්දියාව කළඹයි
සයුරෙන් එතෙර

හුඩ් හුඩ් ඉන්දියාව කළඹයි

October 13, 2014   09:36 am

හුඩ් හුඩ් සුළි කුණාටු තත්ත්යට හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආන්ද්‍රා සහ ඔරිස්සා ප්‍රාන්ත වලට මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් වැඩි බලපෑමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තුන්ලක්ෂ 50 000ක් පමණ අදාළ සථාන වලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි

පවතින අධික වර්ෂාවත් සමඟ මාර්ගයට ගස් කඩා වැටී ඇති අතර විදුලි බලය ඇන හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.