පකිස්ථානය පරාදයි

පකිස්ථානය පරාදයි

October 8, 2014   10:51 am

පකිස්ථානය සමග පැවති එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව තිබේ.

තරඟයේ කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තිරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 255ක් රැස් කරන ලදී.

ස්ටීවන් ස්මිත් ලකුණු 101ක් ද ඩේවිඩ් වෝනර් ලකුණු 43ක් ද ලබාගත්හ.

පන්දු යැවීමේ දී සහීඩ් අෆ්රිඩි කඩුළු තුනක් ද වහබ් රියාස් කඩුළු 02ක් ද බිඳ හෙළන ලදී.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 36ක් පන්දු තුනක දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 162ක් පමණි.

උමාර් අක්මාල් ලකුණු 46ක් ද සෆ්රාස් අහමඩ් ලකුණු 34ක් ද ලබාගත්හ.

පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ජොන්සන් කඩුළු තුනක් ද ග්ලෙන් මැක්ස්වෙල් සහ නෙතන් ලියෝන් කඩුළු 02 බැගින් බිඳ හෙළීමට සමත්වූහ.