හොංකො සිසුන් සාකච්ඡාවලට එයි
සයුරෙන් එතෙර

හොංකො සිසුන් සාකච්ඡාවලට එයි

October 8, 2014   10:50 am

හොංකොං හි විරෝධතාවයේ නිරතව සිටින සිසුන් එරට බලධාරින් සමග සාකච්ඡා කිරීමට එකඟතාව පළ කර තිබේ.

සාකච්ඡා පැවැත්වෙන කාල වකවානු සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් තමන් රැදී සිටින මාර්ග වලින් බලහත්කාරයෙන් ඉවත් කළ හොත් සාකච්ඡා වලට සහභාගි නොවන බව සිසුන් ප්‍රකාශ කර තිබේ.

2017 වසරේ දී චීනයේ මැදිහත්වීමෙන් හොංකොං හි පැවැත්වීමට නියමිත මැතිවරණයට එරෙහිව හොංකොංහි සිසුන් සති දෙකක කාලයක සිට විරෝධතාවයේ නිරතව සිටියි.