පකිස්ථානය පරදා ඕස්ට්‍රේලියාව ජයගනී

පකිස්ථානය පරදා ඕස්ට්‍රේලියාව ජයගනී

October 6, 2014   09:53 am

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරඟයෙන් කඩුළු 06ක ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණි.

ඩුබායිහි ඊයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනු පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 09ක් දැවි ලබාගත්තේ ලකුණු 96ක් පමණයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ කඩුළු 04ක් පමණක් බිඳ වැටි තිබියදි ලකුණු 97ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදි ඩේවිඩ් වෝනර් ලකුණු 58ක් ලබාගැනිමට සමත්වුණි.