හිඟ  වැටුප් පෙත්සම ගොඩින් බේරාගන්න පුළුවන්ලු - නීතිපති

හිඟ වැටුප් පෙත්සම ගොඩින් බේරාගන්න පුළුවන්ලු - නීතිපති

October 2, 2014   05:05 pm

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ආබාධිත වු සෙබළුන්ට හිඟ වැටුප් ගෙවීමට අදාළ පැමිණිල්ල සමථයට පත්කළ හැකි බව නීතිපතිවරයා අද (02) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ආබාධිත සෙබළු 292කු ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවු අවස්ථාවේ දී රජයේ නීතිඥවරයා මේ බව දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

රජයේ නීතිඥවරයා එහිදී දැනුම් දී සිටියේ මෙම වසරේ මාර්තු මාසයේ සිට අදාළ සෙබළුන්ට හිඟ වැටුප් රහිතව ඔවුන්ගේ වැටුප මාසිකව ගෙවීමට හැකියාවක් පවතින බවයි.

එහෙත් එම යෝජනාවට විරෝධය පළකරමින් ආබාධිත සෙබළුන්ගේ සංගමය කියා සිටියේ සෑම ආබාධිත සෙබළෙකුටම විශ්‍රාම ගත් දිනයේ සිට අදාළ හිඟ වැටුප් ලබා දිය යුතු බවය.

කරුණු සැළකිල්ලට ගත් අභියාචනාධිකරණය මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා පාර්ශවකරුවන්ට කල් ලබා දුන්නේය.

පෙත්සම ලබන නොවැම්බර් මස 14 වන දා යළි කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය පිළිබඳ වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට නියම කර තිබේ.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.