අරණායක සභාපතිතුමා රිමාන්ඩ්

අරණායක සභාපතිතුමා රිමාන්ඩ්

October 2, 2014   02:50 pm

මාවනැල්ල ඩිපෝ අධිකාරි හෙක්ටර් තිසේරාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති දිනේෂ් ගුණරත්න ඇතුළු සිව්දෙනා ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ.

සැකකරුවන් සිව්දෙනා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

බස් ප්‍රශ්නයක් මූල් කර ගනිමින් ඊයේ සවස 6.45ට පමණ මාවනැල්ල ඩීපෝව අසළදී සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිණ.