ලංකාවේ පාසල් නොයන දරුවන් 50,000ක් ගෙදර! -  අද 10ක් පාසල් යවති

ලංකාවේ පාසල් නොයන දරුවන් 50,000ක් ගෙදර! - අද 10ක් පාසල් යවති

October 1, 2014   03:32 pm

අධ්‍යාපනය ලැබීමේ වයසේ පසුවුව ද එහෙත් පාසල්වලට ඇතුළත් නොවු දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේ ජාතික ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණි.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මීට අදාළ උත්සවය අද පෙරවරුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ අනුපාතය සියයට 98 යි දශම 05ක් වන අතර ඉන් සියයට 01 යි දශම 05 ක්, එනම් 50,000ක දරුවන් පිරිසක් පාසල් නොයන බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම දරුවන් ලබන දෙසැම්බර් 31වන දිනට පෙර පාසල් අධ්‍යාපනය කරා යොමු කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම මෙවර ලෝක ළමා දිනයේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ ඉලක්කය වී තිබේ.

එය සංකේතවත් කරමින් අද දිනයේ සිසුන් දස දෙනෙකු පාසල් වලට ඇතුළත් කිරීම සිදුවු බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.