අ‍පයෝජකයා අවුරුදු 15ට හිරේ

අ‍පයෝජකයා අවුරුදු 15ට හිරේ

October 1, 2014   01:58 pm

බාලවයස්කාර දැරියක අපයෝජනය කළ බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ වරදකරු වු පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී විත්තිකරුට වසර 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට අනුරාධපුර මහාධිකරණ විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කර ඇත.

ඊට අමතරව අදාළ දැරියට රුපියල් 40,000 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කර තිබේ.

මෙලෙස දඬුවම් නියමවී ඇත්තේ පදවිය බී.යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.