අලි පස්දෙනාම බැකෝවෙන් ගොඩ!

අලි පස්දෙනාම බැකෝවෙන් ගොඩ!

October 1, 2014   01:51 pm

කැකිරාව, ඇලගමුව ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලි 05 දෙනෙකු බේරාගෙන තිබේ.

වන ජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ මෙහෙයුමක දී වන අලි පස් දෙනා බේරා ගැනීමට හැකිව ඇත.

බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් අදාළ මෙහෙයුම සිදු කර තිබේ.

බේරා ගත් වන අලි කලාවැව රක්ෂිතයට මුදා හැර ඇති බව පොලිසිය පැවසුවේය.

ඊයේ රාත්‍රී ගම් වැදුණු වන අලියෙකු ගම්වාසීන් විසින් පළවා හැරීමට උත්සාහ කිරීමේ දී එම වන අලියා ප්‍රදේශයේ වගා ළිඳකට වැටී තිබු අතර එම වන අලියා බේරාගැනීමට පැමිණි තවත් වන අලින් සිව්දෙනෙකු මෙලෙස වගා ළිඳට වැටී ඇත.

ඡායා රූ - කාංචන ආරියදාස