ඉන්දීය හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - 3ක් මරුට

ඉන්දීය හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - 3ක් මරුට

October 1, 2014   12:16 pm

ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අද (01) උදෑසන අනතුරකට ලක්වීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු හා ඉංජිනේරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උතුරු ඉන්දියාවේ ගුවන් හමුදා කඳවුරක මෙම අනතුර සිදුව ඇත.

ගුවන් යානය ගුවන් ගතව සුළු වේලාවක් තුළ එහි ගින්නක් හටගෙන ඇති බව පැවසේ.

ඒ සමගම එය ගුවන් පථයටම කඩ‍ා වැටී ඇති බවද පවසන ඉන්දීය මාධ්‍ය මේ ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බවද අනාවරණය කරයි.