සවුත්ලන්ඩ් මව්පියන් තාප්පයක් ඉල්ලයි

සවුත්ලන්ඩ් මව්පියන් තාප්පයක් ඉල්ලයි

October 1, 2014   10:11 am

ගාල්ල, සවුත්ලන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ ආරක්ෂාව සඳහා කඩිනමින් තාප්පයක් ඉදිකර දෙන්නැයි ඉල්ලා මව්පියන් දහසකට අධික පිරිසක් පාරට බැස මේවන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

එම විද්‍යාලයේ මීට පෙර ඉදිකර තිබූ තාප්පය උස වැඩි බව කියමින් එය කඩා ඉවත් කළ බවත්, අලුතින් තාප්පයක් ඉදිකිරීම ප්‍රමාද වීම නිසා සිසුවියන්ගේ ආරක්ෂාවට එය තර්ජනයක් බවත්, විරෝධතාවයේ නිරත මව්පියන් කියා සිටින බව අප වාර්තාකරු කියයි.

විරෝධතාවය නිසා ගාල්ල නගරයේ රථවාහන ධාවනයට ද බාධා පැමිණ තිබේ.

තාප්පයක් ඉදිකර දෙන්නැයි ඉල්ලා මව්පියන් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත සංදේශයක් බාරදීමට ද කටයුතු යොදා ඇත.